වෝල්ට් ඩිස්නි ප්‍රධානියා හමුවෙලා



සෞදි ඔටුන්න හිමි කුමරු,නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සෞදි ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සලමන් බින් අබ්දුල්ලාසිස් අල්- සවුඩ් වෝල්ට් ඩිස්නි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, රොබට් ඇලෙන් ලොස්-ඇන්ජලීස් නුවරදී හමු වී ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය තුල චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව සහ වෝල් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයන් සහ සේවාවන් සඳහා සෞදි අරාබිය තුල වැඩි ඉල්ලුමක් ඇතිවන ආකාරයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

2030 දැක්ම අනුව සෞදි අරාබිය නව ආර්ථික සහ සාමාජීය වශයෙන් විශාල පරිවර්තනයකට ලක් කිරීම සඳහා සෞදි කුමරු ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)     


RECOMMEND POSTS