අල් බැග්ඩෑඩි මියගිය බව තහවුරු කරන්න බෑ



ඉරාක හමුදා ප්‍රහාර හමුවේ පලා ගොස් සැඟවුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගියේ යැයි ඇමෙරිකන් හමුදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුසියානු බුද්ධි අංශ පවසා ඇත්තේ ඒ බව තහවුරු කිරීමට හැකියාවක් නොමැති බවය.

තම ගුවන් ප්‍රහාරයකින් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකාව පැවැසුවේ ඔවුන්ගේ සී.අයි.ඒ. බුද්ධි අංශය ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. කෙසේ නමුත් එම තොරතුරු වැරදි බවත්, බැග්ඩෑඩි මියගිය බව තහවුරු කළ හැකි තොරතුරක් ලැබී නැති බවත් රුසියානු බුද්ධි අංශ කියයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS