මොසාඞ් කඳවුරකට ඉරානය පහර දෙයි



ඉරාකයට අයත් කුර්දිස්තානයේ, ඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශ නිලධාරීන්ගේ කඳවුරකට ඉරාන විප්ලවීය හමුදාව, දිගු දුර බැලැස්ටික් මිසයිල ප්‍රහාරයත් එල්ල කළේය.

ඉරානය පවසා ඇත්තේ මිසයිල ප්‍රහාරයෙන් ශ්‍රායල මොසාඞ් බුද්ධි අංශ නිලධාරීන්ගේ කඳවුර පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වූ බවය.

කුර්දිස්තානය යනු ඉරාකයට අයත් වෙනම පාලන ප්‍රදේශයකි. ඉරාන විප්ලවීය හමුදාව, මිසයිල ප්‍රහාරය එල්ල කළේ කුර්දිස්තානයේ අර්බිල් අගනුවර ගොඩනැගිල්ලකටය. මොසාඞ් බුද්ධි අංශ නිලධාරීන්ගේ කඳවුර පිහිටියේ මෙම ගොඩනැගිල්ලේය.

මිසයිල ප්‍රහාරයෙන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, හය දෙනකු තුවාල ලැබූ බවත් කුර්දිස්තාන ආරක්ෂක කවුන්සිලය පවසා තිබේ. අර්බිල් අගනුවර, ඊශ්‍රායල බුද්ධි අංශ නිලධාරීන්ගේ කඳවුරක් පිහිටි බව කුර්දිස්තාන බලධාරීන් පිළිගෙන නැත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS