ඉරානය පළමු වරට චන්ද්‍රිකා 3 ක් උඩ යවයි



ඉරානය පළමු වරට චන්ද්‍රිකා තුනක් උඩු ගුවනට යැවීය. චන්ද්‍රිකා උඩු ගුවනට යැවීම කළේ ඉරාන ආරක්ෂක ආරක්ෂක හා සන්නද්ධ හමුදා සැපයුම් අමාත්‍යාංශයයි.

ඉරානය, ඔවුන්ගේ මිසයිල වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ, ඔවුන්ගේ තාක්ෂණය භාවිතයට ගනිමිනි. ඉරානය සතුව දිගු දුර බැලැස්ටික මිසයිල ඇත.

ඉරානය අභ්‍යවකාශ වැඩසටහන් ද ආරම්භ කර ඇති අතර මීට මාස කීපයකට පෙර, රොකට්ටුවක ආධාරයෙන් සතුන් කීප දෙනකු ද අභ්‍යවකාශයට යවා පර්යේෂණ කීපයක් සිදු කළේය.

ඉරානය පළමු වරට, සාර්ථකව, චන්ද්‍රිකා තුනක් උඩු ගුවනට යැවීම ඇමෙරිකාව ඇතුළු ඉරාන විරෝධී බටහිර රටවලට තර්ජනයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS