මිලියන 90 ක් ඡන්දය දමලා



ඇමෙරිකා ජනාධිපතිවරණය හෙට (3) පැවැත්වෙයි. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකානුවන්ට කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවත් ලබා දුන් අතර, ඊයේ (1) වනවිට මිලියන 90 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

කල්වේලා ඡන්දය ප්‍රකාශ කළ පිරිස අතරේ සිය දෙවැනි සහ අවසන් ධුරය අපේක්ෂා කරන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ද වෙති. 

ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් පැවැත්වෙන ජනාධිපතිවරණය වන්නේ ද මෙයයි. ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 14 කි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS