තුර්කි - ඊශ්‍රායල වෙළෙඳ ගනුදෙනු නවතී



ඊශ්‍රායලය සමඟ පවත්වන වෙළෙඳ ගනුදෙනු නැවැත්වීමට සාමාජිකයකු වන තුර්කිය තීරණය කළේය. ‘නේටෝ’ සාමාජික රාජ්‍යයක් ද වන තුර්කිය මෙසේ තීරණය කළේ පලස්තීන මුස්ලිම් වැසියන් ඝාතනය කරමින්, ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන බැවිනි.

පසුගිය වසරේ තුර්කිය සහ ඊශ්‍රායලය අතරේ ඇමෙරිකන් ඩොලර් බිලියන හතකට අධික වෙළෙඳ ගනුදෙනු සිදුවුණු බව ද පැවැසෙයි.  ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කරන්නැයි තුර්කිය දිගින් දිගටම ඊශ්‍රායලයට දන්වා ඇති නමුත්, ඊශ්‍රායලය ඒ ගැන කිසිදු තැනීමක් නොකරන බැවින් මෙම තීරණය ගත් බව තුර්කි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS