ට්‍රම්ප්-බයිඩන් තියුණු සටනක



ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට අදියරෙන් අදියර සිදුවෙමින් පවතින අතර, වත්මන් ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතර තියුණු සටනක් පවතී.

ඇමෙරිකා ප්‍රාන්ත අතරින්, වැදගත් ජනපදයක් ලෙස සැලකෙන්නේ ෆ්ලොරීඩාවය. ෆ්ලොරීඩා ජනපදයේ ඡන්ද ප්‍රතිඵල අනුව, ට්‍රම්ප් බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටින බව පෙනී යයි.

සෙසු වැදගත් ජනපද ලෙස සැලකෙන්නේ ජෝර්ජියා, පෙන්සිල්වේනියා, විස්කොන්සින්, මිචිගන්, ඔහියෝ සහ උතුරු කැරොලිනාය.

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ඇමෙරිකානුවන් ගණන මිලියන 100 කි. ඇමෙරිකන් ඉතිහාසයේ මිලියන 100 ක් ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS