ඇමෙරිකානුවන්ට අබිරහස් ඇමතුමක්



නිවසින් පිටතකට නොයන ලෙසත්, ආරක්ෂිතව නිවසේ රැඳී සිටින ලෙසත් ජනාධිපතිවරණය පැවැත්වුණු දිනයේ පමණක් නොව, ඊට පෙර දිනවලත් ඇමෙරිකානුවන්ට නිර්ණාමික දුරකතන ඇමැතුම් ලැබී ඇති බව පැවැසෙයි.

එය කිසියම් පටිගත කරන ලද පණිවුඩයක් වන අතර, නිවසින් පිටතට නොයන්නැයි එම පණිවුඩය ලබා දුන්නේ කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

එම දුරකතන පණිවුඩය ඇමෙරිකන් ඡන්දදායකයන්ට කළ බලපෑමක් විය හැකි යැයි සැක පළ වී තිබේ. එෆ්.බී.අයි. කාර්යාංශය පවසා ඇත්තේ ඒ ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවය.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන්, ඇමරිකානුවන්ට කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දී තිබුණි. ජනපතිවරණ දිනය වනවිට කෝටි 10 වැඩි ඇමෙරිකානුවන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS