සමුදුර නෞකාව ධීවර යාත්‍රා අසළට ළඟා වෙයි



අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික  හමුදාව පවසයි.

සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන හා ආහාරපාන රැගෙන පිටත්ව ගියේ පසුගිය 21 වැනි දින දී ය.

නාවික හමුදාව පවසන්නේ එම බහුදින යාත්‍රා සමඟ සන්නිවේදන සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර මේ වනවිටත් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන එම යාත්‍රාවලට අවශ්‍ය වෛද්‍යාධාර, ආහාර, ජලය සහ ඉන්ධන සැපයීමට අවශ්‍යපරිදි කටයුතු කරන බවයි.

මේ වනවිට ඉන්දියන් සාගරයේ කුණාටු තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති අතර මේ ධීවරයන් සියළු දෙනා නිරුපද්‍රිතව ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට රැගෙන එ්මට හැකි බව ද නාවික හමුදාව සඳහන් කරයි.


RECOMMEND POSTS