’ලයිසියම්’ නුවරඑළිය -12 වැනිසංවත්සරය



නුවරඑළිය ලයිසියම් ජාත්‍යන්තර පාසල, පසුගිය දා සාඩම්බර දොළොස් වැනි සංවත්සරය සැමරුවේ මහත් අභිමානයෙනි. නුවරඑළිය ලයිසියම් පාසල වසර දොළහක ගමන් මග  පැමිණියේ විවිධාකාර ජයග්‍රහණයන් අත්පත් කරගනිමිනි.

සිසු දරුවන් වෙනුවෙන් ප්‍රමිතියෙන් උසස් අධ්‍යාපනයක් ප්‍රදානය කිරීම මූලික අරමුණ කරගත් නුවරඑළිය ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙම ස‍ංවත්සර සැමරීමෙහි ප්‍රධාන අරමුණ එහි සාර්ථකත්වය සඳහා අතිමහත් සේවයක් ඉටු කරනා සියලුදෙනාම සැමරීමය.

ආරම්භයේ පටන් නුවරඑළිය ලයිසියම් ජාත්‍යන්තර පාසල එහි විශිෂ්ඨත්‍වයෙන් පරිපූර්ණ  අධ්‍යාපනික ජයග්‍රහණයන් නිසා මෙන්ම, ක්‍රීඩා ජයග්‍රහණයන් නිසාද  පාසල් ඉතිහාසයේ ඉමහත් කීර්තියක් සනිටුහන් කරයි. එතැනින් නොනැවතී සංස්කෘතික සහජීවනයද සමබරව පවත්වාගෙන යමින් පසුගිය දොළොස් වසර පුරාවට ලයිසියම් සන්නාමයේ   අද්විතීය ප්‍රමිතිය මනා ලෙස පවත්වාගෙන යන ලදී.

නවතම ඉගැන්වීමේ ශිල්ප ක්‍රම යොදාගනිමින් ලයිසියම් විෂය නිර්දේශයේ අඩංගු සර්ව සම්පූර්ණ සමාජීය සහ අධ්‍යාපනික දැනුම මගින් සිසු දරුවන් පෝෂණය කිරීම නිසාම නුවරඑළිය ලයිසියම්  ජාත්‍යන්තර පාසල මධ්‍යම පළාතේ ප්‍රමුඛතම පෙලේ පාසලක් බවට අද පත්වී හමාරය.

එය කැපී පෙනෙන පාසලක් බවට පත්වන්නේ එහි පාසල් ප්‍රධානියාගේ ඉමහත්  කැපවීමෙන් යුත් නායකත්වය ,සිසුදරුවන්ගේ පාසල කෙරෙහි ඇති උනන්දුව සහ ආශාව,ගුරුවරුන්ගේ සහ කාර්ය  මණ්ඩලයේ, දෙමාපියන්ගේ අසීමාන්තික සහයෝගය සමග මුසුවීමෙනි.

මේ සංවත්සර සැමරුම අතීතයේ පටන් පරම්පරා ගණනාවක් පුරා රැකගෙන පැමිණි පාසලේ  මූලික හර පද්ධතිය සහ එහි සංස්කෘතිය පිළිබඳව නැවත මතක් කිරීමක් මෙන්ම අනාගතය පිළිබඳව ධනාත්මකව සහ උද්‍යෝගයෙන් මග බැලීමකි.

නුවරඑළිය ලයිසියම් 12 වෙනි සැමරුමේදී වර්තමානය දක්වා  එහි උන්නතිය වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන අතර ලයිසියම් උරුමය තවත් තහවුරු කරමින් විජයග්‍රාහී අනාගතයකට මුලපුරන්නෙමු.


RECOMMEND POSTS