රුසියාවේ සිටි සිසුන් 261ක් යළි දිවයිනට



රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනකු ඊයේ (22) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආපසු පැමිණිය නොහැකිව සිටි එම පිරිස ගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් යොදවා තිබිණි. මෙලෙස පැමිණ සිටියේ උසස් අධ්‍යාපනය ලැබීමට රුසියාවට ගොස් සිටි සිසුන් පිරිසකි.

ඔවුන් රැගත් යූඒ 1206 යානය ඊයේ (22) රාත්‍රී කටුනායකට පැමිණීමෙන් පසු ඔවුන් රැගෙන ආ සියලු දෑ විෂබීජහරණය කර මෙම සිසු පිරීස ද පරීක්ෂා කර බලා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

 


RECOMMEND POSTS