බ්‍රසීලය රුසියාව පසුකරයි



කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් අතර දෙවැනි තැනට බ්‍රසීලය පත්ව තිබේ. මේ දක්වා වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ උතුරු ඇමෙරිකානු කලාපයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ වන අතර දකුණු ඇමෙරිකානු කලාපයේ පිහිටි බ්‍රසීලයෙන් දැනට වාර්තා වී ඇති රෝගීන් ගණන 330,890කි..

රුසියාව වැඩිම රෝගීන් වාර්තාවන රටවල් අතර තෙවැනි තැන සිටියි. ඒ රෝගීන් 326,448ක් වාර්තා වීමෙනි.

ගෙවී ගිය අවසන් පැය 24 දී බ්‍රසීලයෙන් ආසාදිතයන් 20,803ක් වාර්තා වී තිබිණි. එමෙන් ම එම කාලයේ දී බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිත මරණ 1,001 ක් ද වාර්තා විය. ඒ අනුව එරට සමස්ථ මරණ සංඛ්‍යාව ද 21,048 දක්වා ඉහළ ගොස් තිබේ.


RECOMMEND POSTS