අප්‍රිකාව ගැන තවමත් සතුටුවිය හැකියි. නමුත් අවදානම්



අප්‍රිකානු මහද්වීපයේ සියලු රටවල් අතර කොරෝනා පැතිරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානය පවසන්නේ ඊයේ (22)  වනවිට අප්‍රිකානු මහද්වීපයේ රටවල්වලින් කොරෝනා අසාදිතයන් 100,000ට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි.

මේ වනවිට අප්‍රිකාවේ පුද්ගලයන් 3,100ක් මියගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි පවසන්නේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවූ අතිවිශාල මරණ සංඛයාව සැළකූ විට අප්‍රිකා මහද්වීපය බේරී තිබෙන බවයි.

''අපිට සතුටුවිය හැකි කරුණක් තිබෙනවා. මේ රෝගය ඉතා වේගයෙන් පැතිරී ගියේ නැහැ. නමුත් ඇතැම් රටවල ආසාදිතයන් වැඩිවීම ගැන අපි අවධානය යොමු කළ යුතුයි. අප්‍රිකාවේ රටවල දැඩි අවදානමකට ලක්විය හැකි කණ්ඩායම් ඉන්නවා. එම කණ්ඩායම් වෙත කොරෝනා රෝගය තවමත් පැතිරී නැහැ. ඒ වගේ ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට මේ වයිරසයෙන් කවර ආකාරයක බලපෑමක් වනු ඇත්දැයි අපි දන්නේ නැහැ. සරණාගත කඳවුරුවල අධික තදබදයක් තිබෙනවා. එවැනි තැනකට වයිරසය පැමිණියහොත් සිදුවන බලපෑඹ ගැන සිතාගත නොහැකියි. කොහොම වුණත් මේ වයිරසය ගැන අපි තවත් බොහෝ දේ ඉගෙන ගත යුතුයි."

 


RECOMMEND POSTS