ටීනා ටර්නර් සමුගනී



ජනප්‍රිය බටහිර ගායිකා ටීනා ටර්නර් අභාවප්‍රාප්ත විය. ඇගේ වයස අවුරුදු 83 කි. ටීනා ටර්නර් පසුගිය වසර ගණන පුරාවට විවිධ රෝගාබාධවලින් පීඩා වින්දාය. ඇය අවසන් සුසුම් හෙලුවේ ස්විට්සර්ලන්තයේ පිහිටි ඇයගේ නිවසේදීය.

ටීනා ටර්නර්, ඇගේ සංගීත ජීවිතය ආරම්භ කළේ 1950 වසරේදීය. ඇයගේ සංගීත ජීවිතයේදී ග්‍රැමී සම්මාන 8 ක් හිමිකර ගෙන ඇති අතර ඉන් 6 ක්ම 1980 දශකයේදී ටීනා ටර්නර් හිමිකර ගෙන තිබේ.

1980 දශකයේදී හොඳම ගීත 40 අතරට ටර්නර්ගේ ගීත 12 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුලත් වී තිබූ අතර 1988 වසරේදී රියෝ ඩි ජෙනයිරෝ නගරයේ පැවති සංගීත සංදර්ශනය 180000 ක ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS