විදේශිකයන් දෙදෙනෙකුට මරණ දඩුවම



කුවේටය තුළ සිදු වු මිනීමරුම් දෙකක් සම්බන්ධයෙන් විදේශිකයන් දෙදෙනෙකුට කුවේට් අපරාධ අධිකරණය මරණ දඩුවම ලබා දී ඇති බව වාර්තා වේ.

එක් අයෙක් තම හිටපු බිරිඳ ඝාතනය කළ සුඩාන ජාතිකයෙකු වන අතර අනිත් පුද්ගලයා  පිලිපීන ජාතික බිරිඳව සිය මහල් නිවාසය තුළදී ඝාතනය කළ ඊජිප්තු ජාතිකයෙකු වන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

හිටපු බිරිඳ සමඟ ඇති වු ආරවුලක් හේතුවෙන් සුඩාන ජාතිකයා පිහියකින් ඇන හිටපු බිරිඳව ඝාතනය කර ඇති අතර, ඊජිප්තු ජාතිකයා සිය පිලිපීන බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කර ඇත.

විදේශිකයින් දෙදෙනාට විරුද්ධව ඉදිරිපත් කර තිබු සාක්ෂි මත කුවේට් අපරාධ අධිකරණය මරණ දඩුවම ලබා දෙන ලෙස නියෝග කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
( GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS