වසර දෙකක් ඇතුළත කුවේටයේ මැතිවරණයක්
වසර දෙකක් ඇතුළත දෙවැනි වරට කුවේට් පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙයි.
අවසන් වරට කුවේට් රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ පසුගිය 2020 දෙසැම්බරයේය.
එම පාර්ලිමේන්තුව මෙම 2022 ජූනි මාසයේ දී විසුරුවා හැරීම සිදුවිය. ඒ අනුව, යළි මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණු බව පැවැසෙයි.
කුවේට් වැසියෝ 7,96,000 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
(රොයිටර්)