ලක්ෂ 27ක මත්පෙති අල්ලයි



සෞදි අරාබියට නීතිවිරෝධිව රැගෙන යෑමට උත්සහ කළ මත්පෙති (ඇම්ෆෙටමින්) විසිහත් ලක්ෂයක් අල්ලා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

ට්‍රක්ටර් ට්‍රේලරයක වහලය තුළ සඟවා තිබියදි මත්පෙති තොගය සොයාගත් බවත්, මත්පෙති තොගය සමඟ පුද්ගලයන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වු බව මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයේ නිල මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් මොහොමඩ් අල් නුජෙයිඩි පැවසීය.

සුඩාන සහ සිරියානු ජාතිකයන් සහ අවතැන් වූ අයෙකු අත්අඩංගුවට ගත් තිදෙනා වන බව

කපිතාන් මොහොමඩ් අල් නුජෙයිඩි වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ගැසට්, රියාද් නුවර)

RECOMMEND POSTS