රෙදි එල්ලුවොත් හිරේ



ඕමානයේ මස්කට් නුවර ඇති නිවාසවල උඩුමහලේ (බැල්කනියේ) රෙදි එල්ලීම සිරදඩුවම් ලැබිය හැකි වරදක් බව වාර්තා වේ.

ඒ අනුව, පැය 24සිට මාසය හයක සිරදඩුවමක් හෝ ඕමාන් රියාල් 50 සිට 5,000ක දඩයක් නියම කරන බව මස්කට් නගරසභාව ප්‍රකාශ කළේ ය.

මස්කට් මහ නගර සභා නීතියේ අංක 14 වගන්තිය අනුව, උඩුමහල්වල රෙදි එල්ලීම වරදක් ලෙස සලකනු ලබන මස්කට් නගර සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS