රථවාහන පද්ධති එකට සම්බන්ධ කරයි



කුවේටය සහ කටාර් රාජ්‍ය සිය රථවාහන පද්ධති එකට සම්බන්ධ කර ඇති බව වාර්තා වේ.

නීති කඩකිරීම් ලියාපදිංචි කිරීමට සහ ඉලෙක්ට්‍රොනිකව දඩ මුදල් එකතු කිරීමට රථවාහන පද්ධතිය කටාර් රාජ්‍යය සමඟ සම්බන්ධ කළ බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

2023 පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ සමාන පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් පසුව මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - කුවේට් නගරය)

RECOMMEND POSTS