යුක්රේන ජනපති ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතයි



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව ඇමැතුවේය.

රුසියන් යුක්රේන අර්බුදයේ දී ඊශ්‍රායලය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුක්රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල රජයෙන් ඉල්ලීමක් කළේ රුසියාවට විරෝධය පළ කරමින්, යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින ලෙසය.

ලොව එම යුදෙව් රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද යුදෙව්වෙකි. රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට ඊශ්‍රායලය ද මැදහත් වී සිටී.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද, යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS