මිලියන 8.21ක් ගුවන්තොටුපොල භාවිතා කරලා



කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ගුවන් මඟීන්  මිලියන 8.2ක් භාවිතා කර ඇති බව වාර්තා වේ.

මේ වසර ආරම්භයේ සිට සැප්තැම්බර් 28 දක්වා කාලය තුළගුවන් මඟින් ගුවන්තොටුපොල භාවිතා කර ඇත.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහාගුවන් මගීන්  මිලියන 4.3ක් සිය ගමනාන්ත වෙත මෙම කාලය තුළගොස් ඇති අතර, මිලියන 3.8ක් කුවේටයට පැමිණ ඇති බවකුවේට්සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සාලේ අල්-ෆ්ඩාගි කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

එම කාලය තුළ ගුවන්ගමන් වාර 68,621ක් ක්‍රියාක්මක කර ඇති අතර, 2022 ජුනි 1 සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ ඉස්තාන්බුල්, කයිරෝ, ඩුබායි සහ දෝහා යන නගර ඉහළම ඉල්ලුමක් තිබු ගමනාන්තයන් බවට පත් ව තිබේ.
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabtimesonline - කුවේට් නගරය)

RECOMMEND POSTS