බැතිමත්හු වන්දනාවට එක්වෙති



හජ් වන්දනාවට බැතිමතුන් ඒකරාශී වෙමින් සිටින බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. කොවිඩි-19 එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් හජ් වන්දනා කටයුතුවල නිරත වීමට අවසර ලබා දී ඇත.

කොවිඩි-19 වසංගතය හේතුවෙන් විදේශීය බැතිමතුන්ට වාර්ෂික හජ් වන්දනාව සීමා කර ඇත.

සෞදි බැතිමතුන් 60,000කට වාර්ෂික හජ් වන්දනා කටයුතුවල නිරතවීමට අවසර ලබා දී ඇති අතර, 2019 දී මිලියන 2.5 ක් පමණ හජ් වන්දනාවට සහභාගි වී ඇත.

"මම දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වසංගතය අවසන් කර දෙන ලෙසයි. එය අපව බෙහෙවින් බියට පත් කර ඇත." යනුවෙන් පලස්තීන වන්දනාකරුවෙකු වන හසන් ජබාරි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මක්කම නුවර)


RECOMMEND POSTS