පාකිස්තානුවන්ට වසර 10කට පසු වීසා



කුවේට් රජය වසර දහයකට පසු පාකිස්තාන ජාතිකයන්ට වීසා නිකුත් කරන බව වාර්තා වේ. ඒ අනුව, ව්‍යාපාරික සහ පවුල් වීසා බලපත්‍ර නැවත ලබා ගැනීමට පකිස්ථාන ජාතිකයන්ට අවස්ථාව හිමි වේ.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ෂෙයික් රෂීඩ් සහ කුවේට් අගමැති, සබා අල්-කලීඩ් අල්-සබා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව කුවේට් රජය මෙම තීරණය ගෙන තිබේ.

ෂෙයික් රෂීඩ් පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික ලිපියක් ෂෙයික් අල්-සබා වෙත භාර දීමට කටයුතු කර ඇත.

තෙල් හා වෛද්‍ය ක්ෂේත්‍රයේ වැඩි රැකියා ප්‍රමාණයක් පාකිස්තාන ජාතිකයන්ට ලබා ගැනීමට අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා කටයුතු කර ඇත.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් කුවේට් අග්‍රාමාත්‍යවරයාට සහ කුවේට් රජයට ස්තූතිය පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS