නැවත ලාභ ලබනවා: සෞදි ගුවන්සමාගම



සෞදි අරාබියානු ගුවන්සමාගම 2024 වර්ෂය වනවිට නැවත ලාභ ලබන තත්ත්වයට ලඟාවිය හැකි බව එම ගුවන් සමාගම පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන්, ගෝලීය ගුවන් සේවා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, එමඟින් බොහෝමයක් ගුවන් සමාගම්වලට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමට සිදු වී ඇත.

සෞදි අරාබියානු ගුවන් සේවයේ දේශීය ඉල්ලුම් ධාරිතාව මේවනවිට ඉක්මවා යන බව ප්‍රධාන විධායක නිලධාරී, ඉබ්‍රාහිම් කොෂි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS