න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක වන ලකුණු



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘පොදු එකගතාවක්‘ ඇති කර ගැනීම සදහා පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඔස්ට්‍රියාවේ වියානා නුවරින් වාර්තා වේ.

මේ වනවිට වියානා නුවර පැවැත්වෙන්නේ අටවැනි සාකච්ඡා වටයයි. කෙසේ නමුත් තවමත් ඇමෙරිකන් නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතර සෘජු සාකච්ඡා පැවැත්වීම සිදුවී නැත.

බැරැක් ඔබාමා පාලනය පැවැති අවදියේ දී, 2015 වසරේ, ඇමෙරිකාව මැදිහත් වී, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය, රුසියාව සහ යුරෝපා සංගමය හවුල් වී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගැණින.

කෙසේ නමුත් එම එකගතාව ඵලදායී නොවන බවට චෝදනා නගමින්, ඔබාමාට පසු ජනපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කර ගත්තේය.

ඉන්පසු 2015 ට පෙර ඉරානයට පනවා තිබූ සම්බාධක යළි පැනැවීමක් ද කළේය.

ඇමෙරිකාව එසේ ඉවත් වුවත්, සෙසු රටවල් දිගටම ඉරානය සමග රැදී සිටි අතර, වියානා නුවර සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ එම රටවල නියෝජිතයන් එක් වෙමිනි.

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට අවශ්‍ය වී ඇත්තේ ඉරානය සමග නව ගිවිසුමක් ඇති කර ගැනීමටය.

ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය.

අටවැනි සාකච්ඡාවටය සාර්ථක වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉරාන නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන අලී බගේරී කානීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS