නංගි බලාගත්තාට අයියා වන්දි ඉල්ලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පුද්ගලයෙකු සිය බාල සොයුරියට විරුද්ධව නඩු පවරා ඇති බව වාර්තා වේ.

විවාහයට පෙර බාල සොයුරිය සිය භාරකාරත්වයේ සිටි බවත්, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ අනිකුත් වියදම් වෙනුවෙන් ඩිරාම් 100,000ක වන්දි මුදලක් ලබා දෙන ලෙස සොයුරා නඩු පවරා ඇත.

බාල සොයුරියට නීත්‍යානුකූලව හිමිවිය යුතු උරුමයෙන් සියළු වියදම් අඩුකර ඉතිරි කොටස ලබාදීමට මීට පෙර සොයුරා කටයුතු කර ඇත. 

සියළු කරුණු සලකා බලා සොයුරා ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කිරීමට අල්-අයින් අධිකරණය කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අල්-අයින් නගරය)

RECOMMEND POSTS