තුර්කියේ පිපිරීමකින් පස් දෙනෙක් මරුට



තුර්කියේ පුපුරන ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් කම්හල් සේවකයෝ පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව වාර්තා වේ.

පිපිරීම සිදුවූයේ අන්කාරා අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින් පිහිටි කම්හලක යැයි ද පැවැසෙයි. පිපිරුමට හසුවී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.


RECOMMEND POSTS