තුර්කි ජනාධිපති යුක්රේනයට



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, යුක්රේනය බලා පිටත්ව ගියේය. තුර්කි ජනාධිපතිවරයා යුක්රේනය බලා යන්නේ, යුක්රේනය සහ රුසියාව අතර හට‍ගෙන ඇති අර්බුදයට මැදිහත් වී, සාමකාමී විසදුමක් සෙවීමේ අපේක්ෂාවෙනි.

තුර්කිය නේටෝවේ සමීපතම හිතවතෙකු මෙන්ම රුසියානු හිතවාදී රාජ්‍යයකි. තුර්කි ජනාධිපති සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සමීප මිතුදම් පවතී.

නේටෝ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී පිහිටුවා ගත් සංවිධානය වන අතර, රුසියාව සමග යහපත් සබදතා ඇති එකම 'නේටෝ හිතවතා' වන්නේ ද තුර්කියයි.

තුර්කිය, යුක්රේනය සමග ද යහපත් සබදතා පවත්වයි. තුර්කිය නේටෝව සමග එක් වී සිටින්නේ 2020 ජූනි 12 වැනිදා සිටය.

තුර්කි ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිද ද යුක්රේන සංචාරයට එක් වී සිටින්නීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS