තුර්කි ජනපතිවරණයේ දෙවැනි වටය



තුර්කි ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (28) පැවැත්වෙයි.

දෙවැනි වටයක් පැවැත්වෙන්නේ, පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණු බැවිනි.

අද දිනයේ දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ විපක්ෂ නායක කෙමාල් කිල්කැඩෝර්ග්ලු අතරේය.

පළමු වටයේ දී ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට ලබා ගත හැකි වූයේ සියයට 49.37 ක ඡන්ද ප්‍රතිශතයකි. කෙමාල් කිල්කැඩෝර්ග්ලු ට දිනා ගැනීමට හැකි වූයේ සියයට 44.99 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS