තවත් 8,000 කට මැරෙන්න වේවි



ඊශ්‍රායල -හමාස් යුද්ධයෙන් ඇති වු සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් පුද්ගලයින් 8,000කට වැඩි පිරිසක් ඉදිරි මාස 6 ඇතුළත මිය යා හැකි බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ ස්වාධීන පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

ගාසා තීරයේ පැවති සටන් හේතුවෙන් රෝහල් විනාශයට පත් වී ඇති අතර, මිලියන 2.3 කට (ජනගහනයෙන් සියයට 85) වැඩි පිරිසක් නිවාස අහිමි වී ඇත.

වේගයෙන් පැතිරී යන පාචනය වැනි රෝග මෙන්ම ජනාකීර්ණ නිවාසවල  මන්දපෝෂණය ද විශාල ලෙස ඉහළ යමින් ඇති බවද වාර්තා මඟින් පෙන්වා දී ඇත.

දැනට ගැටුම් නතර වුවත්, ඉදිරි මාස හය තුළ ගාසා තීරයේ ඇති විය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳව පුළුල් වාර්තාවක් පරියේෂකයන් එළිදක්වා ඇත

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ගාසා තීරය)

RECOMMEND POSTS