ජනගහනයෙන් 70% කට එන්නත



ඕමාන් ජනගහනයෙන් 70% කට 2021 වර්ෂය අවසන් වන විට කොවිඩි-19 එන්නත ලබාදෙන බව ඕමානය නිවේදනය කරනවා.

අදියරයන් දෙකක් යටතේ එන්නත් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බව ඕමාන් ප්‍රතිශක්තිකරණ ජාතික ව්‍යාපාරය අනාවරණය කළ බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

පළමු අදියර 2021 අගෝස්තු මාසයේදි අවසන් වන විට ජනගහනයෙන් 30% ක් ආවරණය කරන අතර, 2021 වසර අවසන් වන විට දෙවන අදියරයේදි ජනගහනයෙන් 40% ක් ආවරණය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර) 


RECOMMEND POSTS