ගෘහස්ථ ගිලන්රථ සේවාවක් අරඹයි



ඕමානය ගෘහස්ථ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට උපකාර කිරීමට සහ ඔවුන් ළඟම ඇති රෝහල වෙත ගෙන යාමේ අරමුණින් ගෘහස්ථ ගිලන්රථ සේවාවක් ආරම්භ කළ බව ඕමාන් සිවිල් සේවා සහ ගිලන්රථ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

අසාධ්‍ය ස්වසන රෝග, හෘද රෝග, දරුණු තුවාල, අස්ථි බිඳීම්, හදිසි සිහිය නැතිවීම, හදිසි අංශභාග, දරුණු රුධිර වහනය, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, විදුලි කම්පන, විෂ වීම්, මානසික ආබාධ, දියේ ගිලීම, දරු ප්‍රසූතියේදි ඇති වන සංකූලතා සහ දරුණු පිළිස්සුම් වලින් පීඩා විඳින රෝගීන් හැකි ඉක්මණින් රෝහල් කරා ගෙන යෑම මෙම ගිලන් රථ සේවාවේ ප්‍රධාන අරමුණ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS