ගිලන්රථ මධ්‍යස්ථාන 84 ක් ඉදි කරලා



කුවේටය තුළ ගිලන්රථ මධ්‍යස්ථාන 84ක් මේවනවිට ඉදිකර ඇති බව වාර්තා වේ.

හදිසි අවස්ථාවන්හිදී, මිනිසුන් වෙත හැකි ඉක්මනින් ළඟාවීම සඳහා රට තුළ ගිලන්රථ මධ්‍යස්ථාන පුළුල් කිරීමට සෞඛ්‍ය  අමාත්‍යාංශය කටයුතු කරයි.

අලුතින් ගිලන්රථ මධ්‍යස්ථාන දෙකක් ඉදිකර විවෘත කිරීමට නියමිතව ඇති බවත්, මුළු සංඛ්‍යාව 84දක්වාඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS