ගාසා දරුවන්ට උග්‍ර මන්දපෝෂණය



ගාසා තීරයේ ජිවත්වන දරුවන් උග්‍ර මන්දපොෂණයෙන් පෙළෙන බව වර්තා වේ.

මාස ගණනාවක් පවතින යුධ ගැටුම් හේතුවෙන් දරුවන් සාගින්නෙන් පෙළෙන බවත්, දැනට පවතින තත්ත්වය ඉතා අවදානම් බව වෛද්‍යවරු  ප්‍රකාශ කරති.

දරුවන්ගේ බර විශාල ලෙස අඩුවීමටද පටන් ගෙන ඇති බව සොයාගෙන ඇත.

ගාසා තීරයේ දරුවන්ගෙන් ලබාගත් දත්තවලට අනුව, අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 5 %ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ගාසාතීරය)

RECOMMEND POSTS