ගාසා ගැටුම් අවසන් වෙන්න ඕනෑ - හැරී කුමරු



ගාසා තීරයේ ගැටුම් හැකි ඉක්මනින් අවසන් විය යුතු යැයි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු පවසයි.

විලියම් කුමරු මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියන් දිගින් දිගටම මියයෑම සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල හමාස් ගැටුමට මේ වනවිට මාස 5 ක් ගත වී ඇති අතර, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 28,000 ඉක්මවා ඇත.

ඊශ්‍රායල හමාස් ගැටුම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS