කුවේටය විදේශ ශිෂ්‍යත්ව 710ක් දෙයි



වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ විෂයන් හැදැරීම සඳහා විදේශ ශිෂ්‍යත්ව 710ක් ලබාදීමට කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව සහ ඖෂධවිද්‍යාව ඇතුළු විශේෂඥ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා සිසුන් 710 දෙනෙකුට රජයෙන් අරමුදල් සපයන බව කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

2023-2024 වසර සඳහා විදේශ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා සිසුන් 3,454 දෙනෙකුගේ නම් අනුමත කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හමාඩ් අල්-අද්වානි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය )

RECOMMEND POSTS