කතකට ඉළ ඇට කැඩෙනකන් පහර දීලා



එමිරේටයේ අල්-අයින් නගරයේ නිවසක සේවය කළ ගෘහ සේවිකාවකට අමානුෂික ආකාරයෙන් පහර දී ඇති බව වාර්තා වේ. ගෘහ සේවිකාවට අවස්ථා ගණනාවකදි පහර දී ඇති අතර, එම පහරදීම්වලින් ඇයගේ ඉළ ඇටලට හානි සිදු වී ඇත.

පහරදීම හේතුවෙන් තමන්ට සිදු වූ ශාරීරික සහ මානසික හානිවලට වන්දි වශයෙන් ඩිරාම් 100,000 ගෙවන ලෙස ඉල්ලා ගෘහ සේවිකාව තම සේවායෝජකයාට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළේ ය.

ගෘහ සේවිකාවගේ ආබාධිතභාවය සියයට 20ක් ලෙස තක්සේරු කර ඇති අතර, ඇයගේ ඉළ ඇටවල හානි සහ කොඳු ඇට පෙළේ අස්ථි බිඳීම්සිදු ව ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු කර ඇත.

ගෘහ සේවිකාවට ඩිරාම් 70,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස අපරාධ අධිකරණය නියෝග කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අල්-අයින් නගරය)

RECOMMEND POSTS