ඕමාන් නායකයා සෞදි එයි



ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වී ඇති බව වාර්තා වේ.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල් සවුඩ්ගේ ආරධනාවකට අනුව ඕමාන් නායකයා සෞදි අරාබියට පැමිණ ඇත.

ඕමානය සහ සෞදි අරාබිය අතර පවතින ඵෙතිහාසික හා සහෝදර සබඳතා ශක්තිමත් කිරීම, ඒකාබද්ධ සහයෝගීතා අපේක්ෂාවන් පුළුල් කිරීම සහ දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග ගැනීම යන කරුණු කෙරෙහි අවධානය යොමු වී තිබු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS