ඕමානයට 6.1ක ප්‍රබල භූ කම්පාවක්



ඕමානයට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

2023 අප්‍රේල් 13 දින පෙරවරු 7.24ට පමණ රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වු බව සුල්තාන් කබූස් විශ්වවිද්‍යාලයේ භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

මසිරා දූපතේ සිට කිලෝමීටර් 319 ක් පමණ දුරින්, කිලෝමීටර් 26 ක ගැඹුරකින් ප්‍රබල  භූමිකම්පාව ඇති වී ඇති බව විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS