එතිහාඩ් සහයෝගිතාවය වැඩි කරගනියි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එමිරේට්ස්, එතිහාඩ් ගුවන් සමාගම් සහයෝගිතාවය වැඩි කරගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

යුරෝපයෙන් සහ චීනයෙන් පැමිණෙන සංචාරකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ගුවන් සමාගම් කටයුතු කරයි.

සහයෝගිතාවය වැඩි කරගැනීමට මෙන්ම වැඩි අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ගුවන් සමාගම් දෙක අවබෝධතා ගිවිසුම්වලටද අත්සන් කර ඇත.

ආර්ථික විවිධාංගීකරණය සඳහා වු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා හැකි උපරිම ආකාරයෙන් කැප වන බව එමිරේට්ස් සභාපති, ටිම් ක්ලාක් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS