ඊශ්‍රායලයේ යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්යයි



සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වන ඊශ්‍රායලයෙන් නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.‍

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ මුහුණු ආවරණ අනිවාර්ය නොවන බව නිවේදනය කළේ පසුගිය අප්‍රේල් මාසයේ ය. ඒ, රටේ සියයට 70 කට වැඩි පිරිසකට එන්නත් ලබා දෙද්දී, කොරෝනා වයිරස ව්‍යාප්තියේ පාලනයක් සිදුවුණු බැවිනි.

කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලයේ යළිත් වරක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය පැතිරීමට පටන්ගෙන ඇති නිසා යැයි ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ කියා සිටියේ මේ වනවිට දිනකට නව ආසාදිතයන් 200 දෙනකු බැගින් වාර්තා වීමට පටන්ගෙන ඇති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)

 


RECOMMEND POSTS