ඊශ්‍රායලයේ අරාබි සමුළුවක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ, බහරේනයේ සහ මොරොක්කෝවේ විදේශ අමාත්‍යවරුන්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඊශ්‍රායල විදේශ අමාත්‍ය යාර් ලුපිද් සහභාගී වූ විශේෂ 'අරාබි සමුළුවක්', ඊශ්‍රායලයේ දී පැවැත්විණි.

අරාබි රටවල මුස්ලිම් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් මෙලෙස සමුළුවක් යුදෙව් ඊශ්‍රායලයේ පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.

සමුළුව පැවැත්වීම සිදුවූයේ ඊශ්‍රායල විදේශ අමාත්‍ය යාර් ලුපිද් සෙසු රටවල විදේශ අමාත්‍යවරුන්ට කළ ඇරැයුමකට අනුවය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ මොරොක්කෝව, ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වන මුස්ලිම් රාජ්‍යයන්ය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ මොරොක්කෝව, ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වන්නේ ඇමෙරිකාව මැදිහත් වීමෙන් එම රටවල් අතරේ පොදු එකඟතාවක් ඇති කිරීමෙනි.

සුඩානය ද ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ඒකඟත්වය පළ කර ඇති නමුත්, ඊට අදාල ගිවිසුම්වලට තවමත් අත්සන් කර නැතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS