අහමදිනෙජාද් යළි ජනපති වෙන්න සැරැසෙයි



ඉරානයේ මීළඟ ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මොහොමද් අහමදිනෙජාද් ඉදිරිපත් වීමට සැරැසෙයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කොමේනී ඊට විරෝධය පළකර ඇති නමුත්, අහමදිනෙජාද් මේ වනවිට ජනපති ධුර අපේක්ෂකයකු ලෙස ලියාපදිංචි වී සිටින බව ද ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

මොහොමද් අහමදිනෙජාද් ඉරානයේ ජනපති ධුරය හෙබවූයේ 2005 වසරේ සිට 2013 තෙක් කාලයේය. අහමදිනෙජාද් අපේක්ෂකයකු ලෙස ලියාපදිංචි වීමට පැමිණි අවස්ථාවේදී, මැතිවරණ බලධාරීන් පවා ඒ ගැන මවිතයට පත්වුණැයි ඉරාන පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS