1,401කට කොරෝනා: 1,374ක් සුවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 1,401ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම කාලය තුළ පුද්ගලයන් 1,374 දෙනෙක් සුවය ලබා ඇති අතර, පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මේවනවිට පුද්ගලයන් 1,642ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 531,459 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අතිරේක පරීක්ෂණ 244,880ක් සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS