ඉරාන පා පන්දු නායකයාට කේන්ති ගිහිල්ලා



මේ දිනවල පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉදිරිපත් වන ඉරාන පාපන්දු කණ්ඩායම, දක්ෂතා අතර නොමැති පාපන්දු කණ්ඩායමක් යැයි බටහිරින් එල්ල වන විවේචන, ඉරාන පාපන්දු නායක කාලොස් ක්වෙයිරෝස්ගේ කෝපයට හේතුවක් වී ඇත.

ඉරානය සහ බටහිර රටවල් අතර පවතින දේශපාලනික අර්බුද ක්‍රීඩාවට අවශ්‍ය නොමැති බවත්, ජාත්‍යන්තර තරගවලට සහභාගී නොවුණත් තම කණ්ඩායම දේශීය වශයෙන් ජයග්‍රාහී කණ්ඩායමක් බවත් කාලොස් ක්වෙයිරෝස් පැහැදිලි කර ඇත.

ඊයේ (21) ඉරානය සහභාගී වුණු පළමු තරගය පැවැත්විණි. එහිදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේය. ඉරාන කණ්ඩායම විවේචනය කරමින් විවේචන එල්ල වීම ඒ අනුව ආරම්භ විය.

(රොයිටර්)


RECOMMEND POSTS