රටවල් 7කට ගුවන් ගමන් තහනමක්



ඕමානය දකුණු අප්‍රිකානු රටවල් හතකට ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ. අප්‍රිකානු රටවල් කීපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ ගුවන් ගමන් තහනම් කිරීමට ඕමානය කටයුතු කළේ ය.

දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, මොසැම්බික්, ලෙසෝතෝ සහ එස්වාටිනි  යන රටවල් ඕමානය තහනම් කළ රටවල් හත වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS