මුස්ලිම් නොවන අයට කසාද සහතික



එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ වෙසෙන මුස්ලිම් නොවන අයට පැය 24කින් කසාද සහතිකය ලබාගත හැකි බව වාර්තා වේ.

අවශ්‍ය ලිපි ලේඛන නිසි ලෙස සහතික කර ඔවුන්ගේ මුල් හැඳුනුම්පත් තිබේ නම්, පැය 24කින් කසාද සහතිකය ලබා ගත හැකි බව එමිරේට්ස් නීතීඥ සහ නීති උපදේශක, ඩයනා හමාඩේ Khalej Times වෙබ් අඩවියට පැවසීය.

2023 පෙබරවාරි 01 සිට බලාත්මක වන අතර, නව ෆෙඩරල් ආඥා පනතේ කොටසක් ලෙස මෙය හැඳින් වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වෙසෙන මුස්ලිම් නොවන ජාතිකයින් සහ විදේශිකයන්ගේ විවාහය, දික්කසාදය සහ උරුමය මෙයින් ආවරණය කරයි.

අදාල සහතික ලබාගැනීම සඳහා නව ෆෙඩරල් ආඥා පනතේ සඳහන් කොන්දේසි සපුරාලිය යුතුව ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

 


RECOMMEND POSTS