තුර්කියේ හදිසි ජල ගැලීම්: 38 ක් මරුට



තුර්කියේ කළු මුහුද අසල පළාත් කීපයක හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා වේ.

හදිසි ජලගැලීම්වලින් හානි සිදුවුණු බව පැවැසෙන්නේ කස්ටමෝනු සහ සිනොප් යන පළාත්ය. නගර සහ පාලම් රැසක් හදිසි සැඩපහරින් හානි වුණු බවත් මෝටර් රථ ජල පහරට හසුවී ගසාගෙන ගිය බවත් වාර්තා වේ.

ජල ගැලීම් ගැන කල් තියා අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත ප්‍රදේශවල සිටි 1,400 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවත් ජල ගැනීම් නිසා කොටුවුණු 140 කට ආසන්න පිරිසක් හෙලිකොප්ටර් සහ බෝට්ටු ආධාරයෙන් මුදා ගත් බවත් පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS