උපාධිධාරීන්ට රැකියා පුහුණුවක් දෙයි



විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රැකියා පුහුණුවක් ලබාදීමට ඕමාන් කම්කරු අමාත්‍යාංශය කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, උපාධිධාරීන්ට තාක්ෂණික සහ පරිපාලන ක්ෂේත්‍රවල රැකියා පුහුණුව ලබා දෙයි.

උපාධිධාරීන්ට අමතරව ඩිප්ලෝමා සහ ඊට පහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අයටද රැකියා පුහුණුව ලබාදීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

අධ්‍යයන සුදුසුකම් අනුව මාසික දීමනාවක්, පුහුණු කාලය තුළ සමාජ රක්‍ෂණ ලියාපදිංචිය, ලබාගත් කුසලතා සහ පළපුරුද්ද අනුව ප්‍රතිලාභ රැසක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරයි.

දැනට පුහුණු කාලසීමාව මාස තුනේ සිට හය දක්වා පවතින අතර, එම කාලය මාස 12 දක්වා දීර්ඝ කළ හැකි ආකාරය පිළිබඳව අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS