හදිසි මානුෂීය ආධාර තොගයක් යවයි



බහරේන් රාජ්‍යය හදිසි මානුෂිය ආධාර තොගයක් පකිස්තානයට යවා ඇති බව වාර්තා වේ.

පකිස්තානයට බලපෑ විනාශකාරි ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට ලබාදීම සඳහා මෙම හදිසි මානුෂීය ආධාර තොගය පකිස්තානයටයැවීමට බහරේන් රාජ්‍යය කටයුතු කර ඇත.

1,200කට වැඩි පිරිසක් ගංවතුර හේතුවෙන් මේවනවිට ජීවිතක්ෂයට පත් වී ඇති අතර, විශාල පිරිසක් අවතැන් වී සිටියි.

පකිස්තානයට මානුෂීය ආධාර ලබාදෙන ලෙස බහරේන් රජු, හමාඩ් රාජකීය මානුෂීය පදනමට නියෝග කළේ ය.

බහරේන් රජුගේ මානුෂීය කටයුතු හා තරුණ කටයුතු පිළිබඳ නියෝජිත, ෂෙයික් නසාර් බින් අල්-කළීෆා සියළුම කටයුතු භාර ව කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මනාමා නුවර)

RECOMMEND POSTS